Friday, March 30, 2012

ඉල්ලීමක්...

"යමු යමු ඉක්මනට..බස් එකක් තියෙනව"
දෙන්නත් එක්කල හරි බරි ගැහිලා a /c බස් එකේ අන්තිම සීට් එකේ වාඩි උනා.
හ්ම්ම්....සතියක් තිස්සෙ අවුල් වෙලා තිබුන මගේ හිත.හරිම පුදුමයි ඔයා ළඟට ආව විතරයි,හිතට පුදුම සහනයක් සැනසීමක් දැනෙන්නෙ.

Wednesday, March 28, 2012

වැරදුනේ කොතැන මට?

පරිගණකෙ දිහා බලන් ඉන්න ගමන් ඉබේටමයි මට ඒක දිහා බැලුනෙ...බලන්න බලන්න හිතට වාවන්නෙ නැති බව දැන දැනත් මම ඇයි තවත් ඒක දිහා බලන්නෙ?මන් ආදරේ කල කෙනා වෙන කෙනෙක් එක්ක චැට් කල ඒවා මන් සේව් කරගත්ත...ඒ දවස් වල මමයි එයයි නිතර දෙවේලෙ රණ්ඩු...වැඩකට ඇති එවටමත් නෙවෙයි..එත් මම හිතුවේ මගේ වැරදි නිසා ඒවා උනා කියලයි...මන් දන්නව,කොල්ලො ටිකක් දඟයි කියල...ඒත් අවුරුදු 3ක් පුරාවට ආදරේ කල එයාගේ අතින් එච්චරම බරපතල විදියට මගේ හිත රිදේවි කියල මම හීනෙකින් වත් හිතුවේ නෑ...සත්තමයි ..... මේ එහෙම දෙයක් උන දෙවැනි පාර.... මට තේරෙන්නේ නැත්තේ මම කොහෙන් මේවා කියන්න පටන් ගන්නද කියලයි....මගේ පලවෙනි පොස්ට් ඒක කිසි පිළිවෙලක් නැති එකට සමාවෙන්න මට කට්ටියම......ගොඩ කාලෙක ඉඳල බ්ලොග් එකක් පටන් ගන්න හිතුවත් එකට වෙලාවක් හදාගන්න බැරි උනා........