Sunday, October 26, 2014

කතරට ගිය නුඹ


දිනක් එළිකල ඒ සිනාකැන්
අඳුරු අහසට විසික් කරලා
හිත පිරෙන්නට ආදරේ දුන්
ලබැඳි හදවතත් ම්දිලා
ජීවිතේ බර උරහිසට ගෙන
දිගු දුරක් තව යන්න හිතලා
ගියේ යන්නට කතර අතරට
වසරකුත් තව දිනක් ගෙවිලා

නිබඳ සුවදෙන නිවස සිහිකර
කඳුළු නොහෙලා අඬනවද නුඹ
මෑණියන්ගේ බත්කටේ රස
හීනයෙන් වත් විඳිනවද නුඹ
නංගි මල්ලී ගැනත් හිතලා
ජීවිතේ බර කරට ගත නුඹ
ගියේ හැරදා ඒ සියල්ලම
කතර අතරේ රුදුරු සටනට

දුකක් දැනෙනා සෑම විටදී
නුවණැසින් ඒ දෙස බලාපන්
ගෙවෙන දවසක් ගානෙ එය
ඉදිරියට සැපතක් බව සිතාපන්
තනිකමින් ඉන්නා සැදැවේ
හදේ රුව අපෙ මවාපන්
නුඹත් සමගම කතරටම ආ
සිතක් ඇති බව සිතාපන්