Wednesday, March 28, 2012

වැරදුනේ කොතැන මට?

පරිගණකෙ දිහා බලන් ඉන්න ගමන් ඉබේටමයි මට ඒක දිහා බැලුනෙ...බලන්න බලන්න හිතට වාවන්නෙ නැති බව දැන දැනත් මම ඇයි තවත් ඒක දිහා බලන්නෙ?මන් ආදරේ කල කෙනා වෙන කෙනෙක් එක්ක චැට් කල ඒවා මන් සේව් කරගත්ත...ඒ දවස් වල මමයි එයයි නිතර දෙවේලෙ රණ්ඩු...වැඩකට ඇති එවටමත් නෙවෙයි..එත් මම හිතුවේ මගේ වැරදි නිසා ඒවා උනා කියලයි...මන් දන්නව,කොල්ලො ටිකක් දඟයි කියල...ඒත් අවුරුදු 3ක් පුරාවට ආදරේ කල එයාගේ අතින් එච්චරම බරපතල විදියට මගේ හිත රිදේවි කියල මම හීනෙකින් වත් හිතුවේ නෑ...සත්තමයි ..... මේ එහෙම දෙයක් උන දෙවැනි පාර.... මට තේරෙන්නේ නැත්තේ මම කොහෙන් මේවා කියන්න පටන් ගන්නද කියලයි....මගේ පලවෙනි පොස්ට් ඒක කිසි පිළිවෙලක් නැති එකට සමාවෙන්න මට කට්ටියම......ගොඩ කාලෙක ඉඳල බ්ලොග් එකක් පටන් ගන්න හිතුවත් එකට වෙලාවක් හදාගන්න බැරි උනා........





කඳුල සුසුමට හාද වෙද්දී

හිතේ සිතුවිලි අකුරු කරලා

නුඹේ නමට ලියු කඳුළු කවියේ

අකුරු දැන් හොඳටෝම මැකිලා

ගලප ගන්නට නොහැකි දේවල්

පේලි අතරේ නතර කරලා

හිතට එන දුක අකුරු කෙරුවෙමි

කෙලෙස හෝ ඔබ දකී කියලා



පැතුම පතුමම වෙලා හෙමිහිට

ටිකෙන් ටික ගොස් කාලේ ගෙවිලා

සති ගණන් මා බලා සිටියත්

නුඹට නෑ තව මාව දැනිලා

සහසකුත් මල් පිපී තිබුනත්

හතර මායිම සුවඳ කරලා

පාලු මේ සිත් විලේ තවමත්

නෑනේ සුවන්දැති මලක් පිපිලා


පොසොන් මහ පුර පෝය සඳ රැලි

පාලු හිත ළඟ නතර කරලා

සඳේ සාවිත් මගේ කඳුලට

හිත රිදෝගෙන සුසුම් හෙලලා

කඳුළු මතකය රැඳුණු සිතුවිලි

සිතින් ඈතට මුදා හැරලා

ඉතින් සැනසෙමි කඳුළු පිසගමි

මගේ පුරහඳ ඔබයි සිතලා

6 comments:

  1. ගොඩක් දුක හිතෙන ඒ වගේම ගොඩක් ලස්සන කවියක්. බ්ලොග් ලෝකයේ සාර්ථක ගමනක් යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනව ඔයාට.

    ජයවේවා!!!!

    ReplyDelete
  2. ලස්සන කවිය..දිගටම ලියන්න අක්කේ.

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්... හැමෝටම තියෙන්නෙ ආපහු හැරිල බැලුවොත් , ආදරේ එක්ක බැඳිච්ච දුක හිතෙන අතීතයක්... දුකයි..

    හොදට ලියලා.. නංගා, බ්ලොග් එක ලියාගෙන යන්න දිගටම..ලස්සනට ලියන්න සුභ පැතුම් මගෙන්..මේකට follow කරන්න ගැජට් එකක් ඇඩ් කරලා නැද්ද? තව ගැජට් 2ක් 3ක් වගේ දාලා බ්ලොග් එක වෙනස් කරන්න.. සින්ඩි වලට ගෲප් වලට ඇඩ් කලේ නැද්ද මේක?

    මුකියෙ ඉන්නවානම් මට මැසේජ් එකක් එවන්න..මම ඇඩ් කරන්නම්...

    ප.ලි- word verification අයින් කරන්න නගෝ..

    ReplyDelete
    Replies
    1. අක්කේ මම ඔන්න ගැජට් දැම්ම...සින්ඩි එකකටත් දැම්ම...word verification එක මොකක්ද?

      Delete