Saturday, April 28, 2012

හරි පුදුම හිත්


කාලෙකට පස්සෙ තමයි ලියන්න වෙලාවක් ලැබුනෙ.මේ දවස්‌ වල වැඩ ගොඩගැහිල.ලියන්න දෙයක් හිත හිත ඉන්න ගමන තමයි මට මතක් උනේ කතා කරන්න ඕන කියල හිත් ගැන.
කතාවට කියන්නේ ගෑණු අයගේ හිත් තේරුම ගන්න බැ කියලයි.වෙලාවකට ඒක ඇත්ත තමයි.ජීවිතේ මට එක එක ආකාරෙ පුද්ගලයෝ මුණගැහිල තියෙනව.අපි හැමෝම මිනිස්සු උනාට අපේ හිත් හරි චන්චලයි,විවිදාකාරයි,හිතන්නේ එක එක විදියට.




මන් දන්නා කෙල්ලො දෙන්නෙක් හිටිය.ඒ දෙන්නම ආදරේ කලේ එකම කොල්ලට.මුලින් යාලු උන ගෑණු ළමය(චායා) ඒ පිරිමි ළමයට(නුවන්) ගොඩක් ආදරේ කළා.පිරිමි ළමයත් එහෙමයි.දෙන්නම නුලයි ඉඳි කට්ටයි වගේ හිටියෙ.කෙල්ලන්ගෙ හිත් ඉතින් දන්නවනෙ.තමන් ආදරේ කරන කෙනා පුළුවන් හැම වෙලාවෙම තමන් ළඟ තියාගන්න කැමතියි(හැම අයම නෙවෙයි හැබැයි). චායත් පුළුවන් හැම වෙලාවෙම බැලුවේ නුවන් එක්ක ඉන්නයි.ඉතින් ඔහොම කාලේ ගෙවුන.මේ පිරිමි ළමයට ටිකෙන් ටික තමන්ගේ ගැනු ළමයව වදයක් වෙන්න පටන් ගත්ත.මොකද ඒ ගැනු ළමයට ඕන කලේ තමන් ආදරේ කරන කෙනාව තමන් ගාවම තියාගන්න.අනේ ඒ තරහකට නම් නෙවෙයි.ඒත් පිරිමි කෙනාගේ පැත්තෙන් කාලයක් යද්දී එක පෙනුනේ එහෙම නෙවෙයි.වදයක් විදියට.එයා හිතුව මේ සම්බන්දෙ නිසා තමන්ගේ නිදහස නැති උනා කියල.මේ දෙන්නගේ රණ්ඩුත් වැඩි වෙන්න පටන් ගත්ත.ඔය අතරේදී තමයි වැරදිලා ආපු කෝල් එකකින් සෙනුරි එයාලගේ ජිවිත අතරට ආවෙ. 

සෙනුරි කියන්නෙ ගොඩක් අහිංසක චරිතයක්.ඒ දවස්‌ වල එයා ටිකක් අසනීපෙනුත් තමයි හිටියෙ.ඒක පිළිකාවක්.නුවන් මේ බව දැනගත්තම එයාගේ හිතේ සෙනුරි ගැන ලොකු අනුකම්පාවක් ඇති උනා.මේ අතරේ චායගෙයි නුවන්ගෙයි අතරේ රණ්ඩුත් වැඩි උනා.ලඟදි ඉඳල ගොඩක් වෙනස් උන නුවන්ගේ හැසිරීම් දරාගන්න බැරි කමට චාය පුලුවන් හැම වෙලාවෙම කලේ නුවන්ට කෝල් කරන එක.ඒ කරදරෙන් මිදෙන්න නුවන් තව තවත් උනේ සේනුරිට ලං වෙන එක විතරයි.ගොඩක් අසරණ වෙලා හිටි සෙනුරි තමන්ගේ හිතටත් හොරාම නුවන්ට ආදරේ කරන්න පටන් අරගෙනයි තිබුනේ.ඒත් එයා දැනන් හිටිය නුවන්ට බඳින්න ගැනු ළමයෙක දැනටමත් ඉන්නවයි කියල.නුවන්ට තිබුනේ ඉක්මනට උණු වෙන හිතක්.ඒ වගේමයි ඒ හිත හරි ඉක්මනට වෙනස් වෙන එකක්.මේ අතරේ මේ ගැන චායට ආරංචි උනා.එයාගේ හිත බිඳුණ.තමන් ආදරේ කල කෙනා තමන්ටත් හොරා වෙන කෙල්ලෙක්ට කතා කරන බව දැන දැනත් චායගේ හිතේ නුවන්ට තිබුන ආදරේ අඩු උනේ නැහැ.එයාට හිතුනේ නුවන් මොකක්දෝ ලොකු කරදරේක වැටෙන්න යනවා වගේ හැගීමක්.යාලුවෝ හැමෝම කිව්වේ නුවන් චපල උනා එයාගෙන් ඇති වැඩක් නැහැ කියලයි.ඒත් ඒ කිසි දෙකට වඩා නුවන්ව විශ්වාස කල චාප ගැන මටත් වෙලාවකට පුදුමත් හිතෙනව.

ඇත්තම කියනව නම් චායට වඩා නුවන්ගේ හිතේ මැවුණු රූපේ උනේ සෙනුරි.අපි හැමෝගෙම හිතේ තියෙනවනේ තමන් කසාද බඳින්න කැමති කෙනාගේ ගතිගුණ,රූපය එහෙම.ඉතින් නුවන් සෙනුරි ආත්මීය බැඳීමක් තියෙන දෙන්නෙක් විදියටයි ඒ දෙන්නට තේරුම් ගිහින් තිබුනේ.එච්චරටම ඒ දෙන්නගේ අදහස් ගැලපුනා.ඒත් මුළු හිතින්ම නුවන්ට ආදරේ කල චාය මේ ඔක්කොම බලාගෙන තවත් නුවන්ට ආදරේ කරනව.(මට තේරුම් ගන්න බෑ ඒක කොහොම කරන ආදරයක්ද කියල.මට නම් බෑ එච්චර ඉවසන්න)

සේනුරිට  තිබුනේ හොඳ කරන්න බැරි ලෙඩක්නේ.ඉතින් එයාල දැනගත්ත එයාලට කවදාවත් එකතු වෙන්න බැහැ කියල.ගොඩක් අමාරුවෙන් සෙනුරි හිත හදාගත්තේ පුළුවන් කමකට නෙවෙයි.එයාව අමතක කරන්න නුවන්ට බැරි බව දන්නා නිසාමයි සෙනුරි එයාගෙන් බඳින්න කැමැත්ත ඉල්ලල තිබුණු ගෙවල් ළඟ අයිය කෙනෙක්ට කැමැත්ත දුන්නේ.දෙලොවක් අතරේ අතරමං උන නුවන්ට කරන්න උනේ ආයෙත් සැරයක් චාය ගාවට යන එක විතරයි.චායගෙයි නුවන්ගෙයි ලෝකෙ ලස්සන කරන්න සෙනුරි චායට කෝල් කරලා සුභපතලත් තිබුන.හැමදේම අමතක කරලා නුවන් අපහු චාය එක්ක ආදරෙන් බැඳිල.

ජීවිතේ හරි පුදුමාකාරයි.මිනිස් ජිවිතේ මොනවද වෙන්නෙ නැත්තේ.හැමදේම වෙන්නෙ මිනිස්සුන්ටමනේ.අද සේනුරියි චායයි ගොඩක් හොඳ යාලුවෝ.නුවන් වැරද්දක් කලොත් සෙනුරි බනිනව නුවන්ට,චායට එහෙම කරන්න එපා කියල.සෙනුරිගෙ එකම ප්‍රාර්ථනාව තමයි එයා මැරෙන්න කලින් චායයි නුවනුයි එකතු වෙනවා දකින එක.මට තේරෙන්නෙ නැත්තේ මේකයි.ඇත්තටම නුවන් ආදරේ කාටද?නුවන් ආදරේ සේනුරිට කියල චායට හිතෙන්නේ නැද්ද?එහෙම හිතෙන වෙලාවට කොහොම එයා ඒක දරාගන්නවා ඇත්ද.නුවන්ගේ ජිවිතේ වෙනුවෙන් සෙනුරි වෙන මනුස්සයෙක් එක්ක ගියේ කොහොමද?චාය නුවන්ට ඉස්සර වගේම තාමත් ආදරේ කරන්නේ කොහොමද නුවන් එච්චර චපල වෙලත්?....මිනිස් හිත් පුදුමාකාරයි.හැම දේටම මුල් වෙන්නෙ හිත කියලනේ කියන්නෙ.මේ මන් දන්නා කතාවක්.මේ වගේ සිද්ධි ඕන තරම් මේ ලෝකෙ ඇති.මොන දේ උනත් හැමෝටම යහපතක් වෙන්න කියලයි උන්මාදිනී නම් ප්‍රර්ථනා කරන්නෙ

8 comments:

  1. මේක ඇත්තම කතාවක්ද? OMG!!! මෙහෙම වෙන්නෙ කොහොමද? හරි පුදුමයි!! ආදරේ ජීවිතේ කියන්නෙ හරි ඉක්මන්ට වෙනස් ව්එන සාධක

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙනව හිතූ ආදරේ කියන්නෙ බොහොම සරල දෙයක්, ඒත් සරලව පටන් ගත්ත ආදරයක් දිගටම පවත්වාගෙන යන්න නම් තව ගොඩාක් දේවල් ඕන වෙනවා.

      අපේ හිත්වල බලාපොරොත්තු මහ ගොඩයි, අපි අනිත් කෙනාගෙනුත් හැමදේම බලාපොරොත්තු වෙනවා. (මං ආදරේ කරන විදිහට එයත් මට ආදරේ කරයිද) ඒත් ඒවා බිඳිලා යනකොට හිතට හරිම දුකයි නේද?

      බුදුහාමුදුරුවොත් කියල තියනවනේ අදරය නිසා දුක සහ බය හටගන්නවා කියලා. හැමදේම සාපේකෂව හිතන්න.

      Too much love kills you...

      Delete
    2. Too much love kills you... සහතික ඇත්ත lokkaiyaa

      Delete
  2. ගොඩක් ඒව ඇත්ත හිතු....හිතාගන්න අමාරුයි නේද මෙහෙම දේවල් මේ ලෝකෙ වෙනව කියල....

    ReplyDelete
  3. අන්තෝ ඡඨා බහි ඡඨා කියල තමයි කියන්න වෙන්නේ....

    කොහොම උනත් මට හිතෙන්නේ චායා කියන්නේ පුදුමාකාර ඉවසීමක් තියන තමන්ගේ ආදරේට උපරිම විදියට ආදරේ කරන කෙල්ලෙක්.. ඒවගේ කෙල්ලෙක් ලබන්න කොල්ලෙක් පිම්=න් කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒ වගේ කෙල්ලෙක් කොච්චර නම් මෝඩද කියල කියන්නත් පුළුවන් කියල හිතෙනව

      Delete
    2. ඒ වගේම චායා කියන්නේ මෝඩියක් කියල හිතෙන්නේ නැද්ද ? වැරදියට හිතන්න එපා!!!

      Delete
  4. They say that real Life is always more amazing than a Fiction......

    ReplyDelete