Monday, October 17, 2022

I MISS YOU!



 I miss my best friend.....

My partner in crime

My travel partner

My secret keeper

My tv series partner

Why were we so closed?

Why were we separated?

You were my strength in every aspect...

Keep seeing you in my dreams? why?

Can we be close in next life?

At lease as best friends?

Pls god, i pray...


Thursday, August 23, 2018

අකැප සෙනෙහස



ඔබ අතින් අල්ලාන 
ගෙවූ මහමෙරක් දුර 
තවද නොගෙවමී මම 
ඔබ ගියා මගෙන් දුර 

අප ඇවිදි මාවතේ 
අත අරන් ඇගේ නුඹ 
බලන රූසිරි අගෙයි 
මහිත නෑ අමනාප 

වාරු නැති දෙපා යුග 
යයි මගේ වෙන මගක 
තව කොතෙක් දුර යන්න 
නොදනිමී මගෙ හයිය 

එදා මෙන් පියමනින්නට 
නොදුන් මේ කුරිරු ලොව 
එපා යලි හමුවන්න 
එක මගක නූපන්ව 

Tuesday, November 17, 2015

හිත මට වාරු නෑ

කියන හැම දේකටම බෑ නොකිය හා කිව්ව නිසාද 
මේ තරම් රිද්දන්නෙ මට
අනාගතේ ගැන ඔයාට හොරාට කොච්ච්චර නම් 
හීන මැව්වද මම
මගෙ හිතේ තියෙන ගින්දර තේරෙන්නෙ නෑ
මම හිතන්නෙ ඔයාට 
එකනේ කියන්නෙ නිතරම තේරුම් ගන්න කියල 
ඔයාව 
මටත් ප්‍රශ්න නැතුවටම නෙවෙයි 
රටවල් දෙකක ඉඳගෙන අනාගතේ ගැන එළියක් නැතුව 
ජීවත් වෙන්න හරි අමාරුයි අයියේ 
ඕන වෙලාවට ලංම කරගෙන 
එපා වෙලාවට විසික්කරන්න එපා 
මේ හිත වින්ද දුක් කන්දරාව හොඳටම දන්නෙ
ඔයා විතරයි නේද
මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න 
මග බලන් ඉන්නම් ඕනමකාලයක් 
මේ හිටිය වගේම
පුංචිම දේටත් හිත රිද්දගන්නෙ ආදරේ 
වැඩි කමට ඔයාට 
නැතුව මම පිස්සෙක් නෙවෙයි
දඬුවම් දෙන්න එපා මට 
විශ්වාසෙ නැතුව යයි 
මට මං ගැනම සදහටම

Sunday, October 26, 2014

කතරට ගිය නුඹ


දිනක් එළිකල ඒ සිනාකැන්
අඳුරු අහසට විසික් කරලා
හිත පිරෙන්නට ආදරේ දුන්
ලබැඳි හදවතත් ම්දිලා
ජීවිතේ බර උරහිසට ගෙන
දිගු දුරක් තව යන්න හිතලා
ගියේ යන්නට කතර අතරට
වසරකුත් තව දිනක් ගෙවිලා

නිබඳ සුවදෙන නිවස සිහිකර
කඳුළු නොහෙලා අඬනවද නුඹ
මෑණියන්ගේ බත්කටේ රස
හීනයෙන් වත් විඳිනවද නුඹ
නංගි මල්ලී ගැනත් හිතලා
ජීවිතේ බර කරට ගත නුඹ
ගියේ හැරදා ඒ සියල්ලම
කතර අතරේ රුදුරු සටනට

දුකක් දැනෙනා සෑම විටදී
නුවණැසින් ඒ දෙස බලාපන්
ගෙවෙන දවසක් ගානෙ එය
ඉදිරියට සැපතක් බව සිතාපන්
තනිකමින් ඉන්නා සැදැවේ
හදේ රුව අපෙ මවාපන්
නුඹත් සමගම කතරටම ආ
සිතක් ඇති බව සිතාපන්

Wednesday, September 18, 2013

නෙත රිදවනා කදුලක් දිගේ....



ගෙවෙන හෑම මොහොතක් ගානෙ 
හුස්මක් ගන්න ඔයාව හෙව්ව මට
ඉස්සරහට තවත් බෑ
ඔයා යන්නෙ ඈයි ඈතට

ඉන්න යාලුවොත් දීග ගිහින් නෙ
තවත් අය අද හෙටම යනවනෙ
ඊරිසිය කරන්න තරම්
මගෙ හිත කිලිටි නෑහෑ රත්තරන් 

පපුව පෑලෙනකල් ආදරේ කලත්
ඒක කරන්නෙ ලෝකෙටත් හොරෙන්
අඩ බෙර ගහල ආදරේ කරන්න 
ඉල්ලන මට ඕන නෑ

ලෝකෙ කොහේහරි මුල්ලකින් 
ලස්සන පුන්චි ගෙදරක
දූ පෑටියයි කොලු පෑටියයි ඔයයි එක්කල
ජීවත් වෙන්නයි මගෙ හීනෙ

මගෙ හතර වරිගෙම මම
අමතක කරල දාල හරි
ඔයත් එක්කල ජීවත් වෙන්න
එන්නයි මේ හීන දකින්නෙ 

එහෙව් එන්න දගලන 
මගෙ අතින් වෙන සුලු වරදකට
කවදහරි මගෙන් පලිගන්නවද කියන්න
සෑප මගේ මරණෙ වෙයි එතකොට

මේ ලෝකෙ ගෑනුන්ගෙ හිත්
එක එක විදියෙ වෙන්න ඈති
ඒත් මේ හිත දන්න 
ඔයා ඈයි අද වෙනස්????

Thursday, November 29, 2012

ගොළුවු කඳුළ....














නෙතින් නෙත
ගැටෙන
වාරයක් වාරයක්
ගානෙ
අතොරක් නැතුව
තෙපලන
පුංචි කතන්දර
අහන්න
මං කොච්චර
ආසද.........
ඒවා මට
නොවුණට
ආසකලා මං
දකින්න
හැමදාමත් ඔය
හිනාව,
ඇස්දෙක......
මුනිවතක් රකින
මොහොතක
ඔබේ හිතයට
ඇති දුක
මට දැනෙන්නේ
නැතිද.........
කියා
මොහොතකටවත්
සිතන්නේ
කොහොම
ඔබ..........
 

Tuesday, October 30, 2012

තේමාවක් නැති ආදරේ - 03

කතාවෙ මුල් කොටස් කියවල නැති අය ඒව බලන්න ඕන නම් මෙතනින යන්න....
තේමාවක් නැති ආදරේ - 01
තේමාවක් නැති ආදරේ - 02

අද උදේම ඇහැරුනා...ඇහැරුනා කිව්වට මොකෝ වැඩට යන්න තියෙන හදිස්සියටමද කොහෙද රෑ හරියට නින්ද ගියෙත් නැහැ. ඇස් දෙක අරින්නත් කලින් මතකෙට ආවෙ ඔයාව. අද අලුත් පත්වීමකට යන්න සම්මුඛ පරීක්ෂණ දෙකක්ම තියෙනවා. උදේ පාන්දරම එයාගෙ කටහඬ අහන්නෙ නැතුව නැගිටින්නත් මොකක්ද වගේ. :) කෝල් එකක් දෙන්න ඕනා.



"හෙලෝ, ගුඩ් මොර්නින්ග් !!!!"

" ම්ම්ම්...ගුඩ් මොර්නින්ග්, ඉතින් ඉතින් අද දවසේ වැඩ කටයුතු වලට ලෑස්තිද?" මං අහන්න ආසම විදියට, එයා ගැන ගොඩාක් ආදරේ හිතෙන විදියට එයා කතා කළා.

"කීයටද එන්නෙ? මම ඇවිත් ඔයා එනකම් ඉන්නම්කෝ."

"මම 9.30 වෙනකොට එන්නම්...එහෙනම් මම ලැස්ති වෙන්න යනවා"

බීප් බීප් බීප් .... එයා ෆෝන් එක තිබ්බ.