Monday, May 28, 2012

ආගන්තුක ඔබ

අපි ජීවත් වෙනකොට අපිට මුණගැහෙනව එක එක විදියේ මිනිස්සු සමහර අය අපිට වැඩිය මතක හිටින්නෙ නැහැ හිතේ..ඒත් පොඩි හමුවීමකින් ජීවිත වලට එන සමහර අය තමන්ගේ ජීවිතේට ගොඩාක් සමීප වෙනව.උන්මාදිනීටත් මුණගැහුන එක්තරා පුද්ගලයෙක්...අහම්බෙන් වගේ...ගොඩක්ම හොඳ හිතක් තියෙන කෙනෙක්....



කෙනෙක්ට හිතෙන්න පුළුවන් කවදාවත්ම දන්නෙ නැති කෙනෙක්ව විශ්වාස කරන්න,ඒ පුද්ගලයාව තමන්ගෙ ජීවිතේට සමීප පුද්ගලයෙක් කරගන්න බැහැ කියල.මමත් ඉස්සර හිතුව, මම ආදරේ කරන අයට පොඩි ඇසුරකින් ගොඩක් සමීප යාළුවො ඇති වෙනකොට, එයාල කරදරේ වැටෙන්නයි මේ හදන්නේ කියල.මට ඉරිසියත් හිතුන වෙලාවල් තිබුණ.මොකද මං ආදරේ කරන අය එතකොට මගෙන් ඇත් වේවි කියල.ඒත් දවස් දෙකතුනකින් අඳුනගත්ත ඔයා, මට අද වෙනකොට ගොඩක් විශ්වාස,මගේ ප්‍රශ්න වලදී මම දුක් වෙනකොට මාව හිනස්සවල තියන්න මම ගොඩක් ළඟින්ම අසුරු කරන පුද්ගලයෙක් වෙලා...හරි පුදුමයි.එතකොට මම ඉස්සර හිතන් හිටිය විදිය වැරදිද?

මගේ ජීවිතේ මට යාළුවො මහ ගොඩක් හිටිය.හැමෝටම මම සැලකුවේ එකම හැන්දෙන්..ඒත් ඒ හැම කෙනාම මාව එයාලගේ ජීවිතේ අමතක නොවෙන යාලුවෙක් කරගත්තෙ නෑ. කාලේ ගොඩක් ගෙවිල ගිහින්,සමහර අය කසාදත් බැඳල ළමයි ලපටිත් ඉන්නව.උසස්පෙළින් පස්සේ වැඩිදුර ඉගෙන ගන්න මගේ මාර්ගෙ ගියේ මම විතරක්ම හින්ද වෙන්න ඇති අනිත් අයට මාව අමතක උනේ මෙච්චරම.අලුත් පරිසරෙත් මට ගොඩක් යාළුවො මුණගැහුන තමයි.ඒත් එක එක කඩයිම් එද්දි ඕනම කෙනෙක් යාළුකම අමතක කරන බවක් තමයි පේන්නෙ.එක ඉතින් මනුස්ස හිතක හැටි වෙන්න ඇති.

එක එක ප්‍රශ්න වලට මූණදීල හෙම්බත් වෙලා ජීවිතේ ඕන දෙයක් වෙච්චදෙන් කියල හිතාගෙන හිටිය මට මේ දැන් වෙනකොට ඔයාව යාලුවෙක් විදියට ගොඩක් වටිනවා කියල ඔයා දන්නව කියල මම දන්නව...ඒත් ඔයා දන්නෙ නැ ඔයා ඔය හිතනවටත් වඩා මට ඔයාව ගොඩක් වටිනවා කියල යාලුවෙක් විදියට...මොකද මම හැමදාම බැලුවේ එකම කෝනෙකින්.ඒකෙ හිටියේ මමයි තව එක්කෙනෙකුයි විතරයි.ඒත් ඊට එහා ලෝකයක් තියෙනව බව ඔයා මට පෙන්නල දුන්න...අද වෙනකොට මගේ හිතට පොඩ්ඩක් හරි සැහැල්ලුවක් දැනෙන්නෙ,කටට හිනාවක්‌ එන්නෙ ඔයා කියන ඒව අහල.(සමහර වෙලාවට ඉතින් එහෙං මෙහෙන් මූණ ඇදවෙලා යන කතත් ඔයා කියන්නෙ නැතුවම නෙවෙයි ඉතින්)

මම  දන්නෙ නෑ මම හරිද කියල.මට හිතෙනව ඔයා ඔය පෙන්නගෙන ඉන්නවට වඩා ගොඩක් සංවේදී කෙනෙක් කියල.අනිත් එක තමයි,අම්මෝ ඔය එක්කල කතා කරලා දිනන්න පුළුවන් මේ ලෝකෙ කාටද?
පස්සෙ දවසක මම ගණන කරන්නයි ඉන්නෙ ඔයා විනාඩියක කොච්චර වචන කතා කරනවද කියල. :) මේ කොන්ක්‍රීට් වනන්තරේට වෙලා අපි හැමෝම ඉන්නෙ ගෙවල් වලින් ඈත.ඉතින් යාලුවේ ඔයා මං එක්කල ඉන්න නිසා මට ගෙදර නැති අඩුව ටිකක් හරි මග ඇරෙනව.ඔයා මට ඔයා කරන දේවල් වලට ස්තුති කරන්න දෙන්නෙත් නෑ.මගේ අතින් වැරද්දක් උනොත් එහෙම සමාවෙන්න කියන්න දෙන්නෙත් නැ.ඒත් මට මහ හයියෙන් කෑගහල කියන්න ඕන, ඔයාට ගොඩාක්ම ස්තුතියි...මගේ යාලුවෙක් උනාට,මං ගැන හොයල බලනවට.මොකද මම උන්මාදිනී..මම එක්කල ඉන්න, මාව තේරුම් ගන්න කෙනෙක්ට ටිකක් අමාරුයි කියල මට හිතෙනව.ඇත්තම කියනවා නම් මම ගොඩක්ම හිතින් කෙනෙක්ට කිට්ටු උනාම ඇනයක් වගෙත් වෙනවද මන්ද..(ඒක කියනකොටනේ මතක් උනේ.පරණ යාළුවො මාව අමතක කරලා ඉන්නෙ,එතකොට මම??? :O...හිකි හිකි .මට හිනත් යනව)

මම ඔයාට හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙ ඔයාගෙ ජීවිතේ ඔයා හිතාගෙන ඉන්න විදියට ඔයාගෙ පැතුම් ඉටුවෙන්නයි කියල.ඔයාට ඕන තරම් කාලයක් මමත් ඔයාගෙ යාලුවෙක් වෙලා ඉන්නම්...ඔයා කැමති නම් විතරක්..මම ඔයාගෙන් ඉල්ලනෙ..අනේ මං එක්කල තරහ උනොත් මට නොකිය යන්න එපා....මොකද ඔයා හැමදාටම මගේ හිතේ ඉඳීවි ආගන්තුකයෙක් විදියට පොඩි කාලෙකින් ඇවිල්ල මගේ ජීවිතේ මට හම්බවුණු ගොඩක් හොඳ මනුස්සයෙක් විදියට...හැමදාටම .......ඔබට සදා ජය හා සතුට....


9 comments:

  1. උන්මාදිනී, අපි ජීවත්වෙන පුංචි කාලෙ ගොඩාක් අය අපේ ජීවිතේට එනවා, සමහරු හොඳම යාළුවෝ වෙලා ජීවිතේ ‍රැ‍ඳෙනවා, අනිත් අය අපිව දාලා යනවා. වචනෙකින් හරි තව කෙනක්ව සතුටින් තියන එක හරිම වටින දෙයක්.

    ඔයාටයි ඔයගෙ ආගන්තුක යාළුවටයි ජයම වෙවා, ඔය යාළුකම හැමදාම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    ප/ලි:

    බ්ලොග් එකේ රොස මල් පෙතිත් වැටෙනවා... ආදරයක් ඇතිවෙලාවත්ද? :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොක්ක අය්යේ ඔයාගෙ පැතුමට.....ආදරේ කියන එක හැමදාමත් මගේ හිතේ පැලපදියම් වෙච්ච දෙයක්.ඉතින් අමුතුවෙන් ඇති වෙන්න දෙයක් නෑ :)

      Delete
    2. හොඳයි හොඳයි.... එහෙනම් ජය මංගලම්....

      Delete
  2. මගේ උණුසුම් සුබ පැතුම්......!!!!!

    ReplyDelete
  3. ආගන්තුකයාගෙන් උණුසුම් සුභ පැතුම්... මිතුදමට :)

    ReplyDelete
  4. දයාබර මිතුදමට හදවතින්ම සුබ පැතුම් සදාකල් මිතුදමකට..!!! :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුතියි !!!

      Delete