Wednesday, August 1, 2012

සිතිවිල්ල


නිති සිතට සුව ගෙනෙන 
වදන් නෑසී ගියද
දනිමි මා ලෙස ඔබද 
සිතින් සිතනා තරම

ලෙන්ගතුව සිටීමට 
නොහැක දැන් පෙරසේම
ගෙවෙන හැම දිනයකම 
ඇතිය කල්පයක දිග

 දින තිහක් ඔබට මෙය 
හුරු උනත් අහෝ මට 
වැටහේද ඔබ සිතට 
නැවුම් අත්දැකුමකිය

සිතිවිලිද හකුලාන 
ඉන්න මේ විලසටම 
නොහැකි මට හැමදාම 
දකින්නේ කවදාද

සිතේ එක් බයක් ඇත
පෙළයි මා සියොළඟම
තිස් දිනක් ගෙවුණ දින
මාව අමතකවේද
............

4 comments:

  1. අම්මපා එහෙම වෙයිද...

    ReplyDelete
  2. ඇයි ඔයා කිරිත් එක්ක සමහන් බොන නිසාද ??

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරල බලන්න ඕන ආගන්තුක සහෝ :)

      Delete