Friday, March 30, 2012

ඉල්ලීමක්...

"යමු යමු ඉක්මනට..බස් එකක් තියෙනව"
දෙන්නත් එක්කල හරි බරි ගැහිලා a /c බස් එකේ අන්තිම සීට් එකේ වාඩි උනා.
හ්ම්ම්....සතියක් තිස්සෙ අවුල් වෙලා තිබුන මගේ හිත.හරිම පුදුමයි ඔයා ළඟට ආව විතරයි,හිතට පුදුම සහනයක් සැනසීමක් දැනෙන්නෙ.


ඔයා දන්නෙ නැහැ සුදූ ඔයාව මට කොච්චරටම වටිනවද කියල.අපි මුණගැහුන පළවෙනි දවසෙ ඔයාව බලන්න එන්න තිබ්බ හදිස්සියමයි මට තාමත් තියෙන්නෙ.
ඔයා එනව කිව්වම මට පුදුම හදිස්සියි ඔයාව හම්බ වෙනකල්.
"ඔයා මන් එක්ක තරහ වෙලාද කතා නැතුව ඉන්නෙ"
"නැහැ එහෙම දෙයක් නැහැ,මගේ ඇඟට හරි අමාරුයි.ඔලුවත් රිදෙනවා."
හැමදාමත් වගේ ඔලුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියාගෙන අදත් ඔයා බොරු කියන්නෙ කියල මන් දන්නවා සුදූ.
ඔයා හැමදාම හිතුවෙ මන් ඔයාව තේරුම් ගත්තෙ නැහැ කියලයි.ඒත් ඔයාගෙ පුංචිම පුංචි වෙනසක් උනත් මට හරි ඉක්මනටම දැනෙනව.ඔයා දන්නෙ නෑ.
"මම ඔයා එක්ක ගොඩක් කේන්තියෙන් ඉන්නෙ පහුගිය දවස් ටිකේ"
"අනේ ඇයි?කියන්න මට"
"ඔයා නිතරම කෝල් කරලා මගේ ඔලුවට එක එක කුණුගොඩවල් දානව.ෆෝන් එක තියන්න කිව්වත් තියන්නෙම නැහැනේ."
"අනේ ඉතින් අපිට මේ සතියෙ හම්බ වෙන්නත් බරි උනා නිසා මන් හරි පාලුවෙන් හිටියෙ.ඔයා දන්නවනෙ මට ඉන්න හොඳම එකම යාලුවත් ඔයා.මන් හැමදේම කියන්නෙ ඔයත් එක්කයි"
ඔයාට තේරෙන්නෙ නැහැ සුදූ මන් කොහොමද කියන්නෙ මට ඔයාව කොච්චර ඕනද කියල.මේක ඇබ්බැහි වීමක්ද මන්ද.ඔයාව නැතුව මොහොතක් වත් ඉන්න බැරී ඇයි කියන එක මටත් ප්‍රශ්නයක් වෙලා දැන් නම්.
ඔයාව එපා වෙන ඕන තරම් වැඩ ඔයා මට කරලා තිබුනත් මගේ හිතට කවදාවත්ම ඔයා එක්ක වෛර බැඳගන්න බැහැ රත්තරනේ.මට ගොඩාක් දුක හිතෙන එකයි වෙන්නේ.ඒ මදිවට ආදරෙත් තවතව වැඩි වෙනව.
"ඇයි මන් මත්තෙම නැහෙන්න හදන්නේ?හදිස්සියේ අපිට බඳින්න බැරී උනොත්?මට මොකක් හරි උනොත්?අනික බැඳලත් අපි හැමදාම රණ්ඩු උනොත් මේ වගේ? "
"මන් ආදරේ ඔයාට.මන් දන්නෙ එච්චරයි"
"බබා මන් මේ ගොඩක් පාලනය වෙලා ඉන්නෙ.ඔයා දන්නවනෙ මගේ හිත චන්චලයි කියල.ඔයා කොච්චර කිව්වත් කවදාවත් මාව තේරුම් ගන්නේ නැහැ.ඔයා මන් අකමැති දේවල් කරනකොට මගේ හිත එහෙ මෙහෙ දුවනව
මන් දැන් දෙපාරක්ම ඔයාගේ හිතට දුක් දුන්න.මම ආපහු එහෙම දෙයක් කලොත් මන් ආයෙම නම් ඔය ගාවට එන්නේ නැහැ.මට ඔයාට එහෙම කරන්න බැහැ.මන් කොහොමද ඔයාව එහෙම බාල්දු කරන්නේ?"

දෙවියනේ මගේ පපුව හිර උනා ඔයා එහෙම කිව්වම.අමාරුවෙන් බස් එක ඇතුළෙ මන් ඇස් දෙකෙන් කඳුළු හැංගුව.ඇත්ත ඔයා කල දේවල් වලට මන් ගොඩක් හිතින් දුක් වින්ද.ඒත්... අනේ ඒත්... මට ඔයා නැතුව ඉන්න බැහැ.මොකක්දෝ ලොකු බැඳීමකින් මන් ඔයාට බැඳිලා.යාළුවො මට හිනා උනා දාල ගිය කෙනෙක් ආපහු බාරගත්තේ ඇයි කියල.මන් දන්නවා මිනිස්සු වැරදි කරනවා.ඔයත් මනුස්සයෙක්.ඔය ළඟ ගොඩක් හොඳ මනුස්සකම් තියෙනවා.අනික මම ඔයාව දාල නොගියට අනන්තවත් ඔයාගේ හිත රිද්දල තියෙනවනෙ.

"මම දැන් මේ ඉන්න විදිය හරි බබා.මට ඔයාව ගොඩක් වටිනවා...අනේ මන් මේ ඉන්න විදියට ඔයා එක්ක සතුටින් ඉන්න මට උදව් කරන්න....මව නිකන් වැඩකට නැති දේවල් වලට කේන්ති ගස්සන්නේ නැතිව.මට ඕන නැහැ වෙන කෙල්ලෝ ගාවට යන්න"
ඔයා එහෙම කිව්වම මට හීල්ලුනා මන් ඔයාව ආදරෙන් තුරුළු කරන් නළල ඉම්බ.ඔයා හරියට පොඩි එකෙක් වගේ කියලයි මට හිතුනේ.
"අනේ මට සමාවෙන්න සුදු..මන් ඔයාව හිතල තරහ ගස්සන්නේ නැහැ.හැමදාම මට සමාව දුන්න වගේ මේ පාරත් මට සමාව දෙන්න" එහෙම කියපු මන් එයාගේ බෙල්ලෙ මගේ මූණ හන්ග ගත්ත.එයා හිමීට මගේ කඳුළු පිහදැම්මේ ගොඩක් ආදරෙන්.

මට මේ ජිවිතේ තේරෙන්නේ නැහැ..එක්කො මන් තේරුම් ගන්නේ නැහැ.මගේ වැරදි තියෙනවා තමයි.ඒත් දෙපාරක්ම මව දාල යන්න තරම් මන් ඔයාට කල වැරැද්ද මොකක්ද සුදු?මගෙන් වැරද්දක් උන් පලියට මගේ අතින් හිත රිදුනු වෙලාවට ඇයි මට රිද්දන්න ඔයා වෙන කෙල්ලොන්ට ලං වෙන්න හදන්නේ?අපිට වෙන අයට වගේ ගෙවල් වලින් ප්‍රශ්න නෑ කේන්දර ප්‍රශ්න නෑ ...දැන් අපි අපිම ප්‍රශ්න හදාගෙන නේද මේ?

ඔයා මගේ ඔලුවේ ඇයි මෙච්චර කැරකෙන්නේ කියල මන් දන්නේ නෑ පැටියෝ....ඔයාට ආදරෙත් ගොඩක් ඕන..ඒත් වැඩිපුරත් එපාලු..මන් බයයි සුදු....මිම්මක් බලල කොහොමද ආදරේ කරන්නේ?මන් මේ පණ බයෙන් හැමදාම ජිවත් වෙන්නෙ.කොයි වෙලාවක මගේ අතින් මට නොදැනී ඔයාගේ හිත රිදේවිද කියල...මන් මේ දැනුත් හිතුව මට ඔයා නැතිව මේ ලෝකේ ජිවත් වෙන්න පුලුවන්ද කියල... බෑ පැටියෝ මට බෑ....මන් ජීවත් වේවි....හැබැයි ඒ හොඳ සිහියකින් නම් නෙවෙයි....

3 comments:

  1. ලස්සනයි සුදු නංගෝ.. ජය වේවා .. දිගටම ලියන්න. අපි එනවා ඔයාව බලන්න හොඳේ.. :)

    ReplyDelete
  2. කාලෙකින් මට ලියන්න බැරි උනා......එකයි කමෙන්ට් එකක් වත දාන්න බැරි උනේ.....නොහොම ස්තුතියි අයියේ....

    ReplyDelete
  3. හරිම ලස්සන ආදරයක්........ :)

    ReplyDelete