Thursday, August 23, 2018

අකැප සෙනෙහස



ඔබ අතින් අල්ලාන 
ගෙවූ මහමෙරක් දුර 
තවද නොගෙවමී මම 
ඔබ ගියා මගෙන් දුර 

අප ඇවිදි මාවතේ 
අත අරන් ඇගේ නුඹ 
බලන රූසිරි අගෙයි 
මහිත නෑ අමනාප 

වාරු නැති දෙපා යුග 
යයි මගේ වෙන මගක 
තව කොතෙක් දුර යන්න 
නොදනිමී මගෙ හයිය 

එදා මෙන් පියමනින්නට 
නොදුන් මේ කුරිරු ලොව 
එපා යලි හමුවන්න 
එක මගක නූපන්ව 

No comments:

Post a Comment