අහම්බෙන් වගේ
අපි මුණගැහුනට
කතාබහ කරල
පදවැලක් ගෙතුවට
සත්තම සත්තයි
කල්පයක් වගේමයි
මම ඔයා දැනගෙන
කියන හැම වදනක්ම
පපුවටම වැදුනට
වරක් දෙපාරක් හෙම
ටිකක් සැරකෙරුවට
මුළු හිතම දන්නවා
එක සිතින් මේ මට
ආදරෙයි හොඳටම
දෙනෝදාහක් මැද
ඇස් කතා කෙරුවට
කියාගනු බැරිව අද
මුවද ගොළුවූවට
මේ හිතට දැනෙනවා
ගෙවෙන මේ දින පැය
හොඳටෝම දිගබව
ඔබ අභියසින් හිඳ
කියන්නට බැරුවට
අඩුම තරමකින්වත්
දැකුමටත් බැරි මට
සිතින් මම පතන්නම්
උපන්දින සුභපැතුම
සුභම සුභ වන්නට
අමුතු කවියක්.අමුතුම කතාවක්.ඒක පාර්ශික එකක්ද?
ReplyDeleteඅමුතු කතාවක් නම් තමයි :)
Delete