Tuesday, October 30, 2012

තේමාවක් නැති ආදරේ - 03

කතාවෙ මුල් කොටස් කියවල නැති අය ඒව බලන්න ඕන නම් මෙතනින යන්න....
තේමාවක් නැති ආදරේ - 01
තේමාවක් නැති ආදරේ - 02

අද උදේම ඇහැරුනා...ඇහැරුනා කිව්වට මොකෝ වැඩට යන්න තියෙන හදිස්සියටමද කොහෙද රෑ හරියට නින්ද ගියෙත් නැහැ. ඇස් දෙක අරින්නත් කලින් මතකෙට ආවෙ ඔයාව. අද අලුත් පත්වීමකට යන්න සම්මුඛ පරීක්ෂණ දෙකක්ම තියෙනවා. උදේ පාන්දරම එයාගෙ කටහඬ අහන්නෙ නැතුව නැගිටින්නත් මොකක්ද වගේ. :) කෝල් එකක් දෙන්න ඕනා.



"හෙලෝ, ගුඩ් මොර්නින්ග් !!!!"

" ම්ම්ම්...ගුඩ් මොර්නින්ග්, ඉතින් ඉතින් අද දවසේ වැඩ කටයුතු වලට ලෑස්තිද?" මං අහන්න ආසම විදියට, එයා ගැන ගොඩාක් ආදරේ හිතෙන විදියට එයා කතා කළා.

"කීයටද එන්නෙ? මම ඇවිත් ඔයා එනකම් ඉන්නම්කෝ."

"මම 9.30 වෙනකොට එන්නම්...එහෙනම් මම ලැස්ති වෙන්න යනවා"

බීප් බීප් බීප් .... එයා ෆෝන් එක තිබ්බ.

මේ දවස්වල උදේට වහිනවත් එක්ක. සීතලේ බෑ.... ඒත් ඉතින් නාගන්නත් එපැයි. කමක් නෑ කොහොමහරි නානව. වැස්සට හරියන ඇඳුමක් හොයාගන්න ඕන කියල මතක් උනේ ඒ වෙලාවෙ. වැඩිය ස්කර්ට්ස් අඳින්නෙ නැති උනත් කරන්න දෙයක් නෑ දැන්. මේක තමා අඳින්න වෙන්නෙ. ඒ මදිවට පරක්කුත් වෙලා. දනි පනි ගාල ලෑස්ති වෙලා කොන්ඩෙන් වතුරත් බේරි බේරිම මම බස් එකට දිව්ව. පිළිවෙලකට ඉන්ටර්වීව් යන්න ඕනත් නිසා වාඩි වෙලා යන්න පුළුවන් බස් එකක්ම එනකල් ඉඳල නැගගත්ත.  මහරගම, දෙල්කඳ, නුගේගොඩ, කිරුලපන.... අම්මේ බහින්නත් කිට්ටුයි දැන්. ඒත් කෝ මේ බස් එක එකතැනනේ. හයිලෙවල් එකේ උදේ ට්‍රැෆික් එක ගැන නම් ඉතින් කියල වැඩක් නැහැනේ. එහෙන් වහින නිසා සීතයි. ඒ මදිවට ඉන්ටර්වීව් එක මතක් වෙලා සීතල ඩබල් වෙනව.

~ එයාගෙන් එස්.එම්.එස්. එකක්  :- මම ඇවිත් ඉන්නේ. පුරුදු තැනටම එන්නකෝ. අපි අද උදේට එකට කමු ~

කෝ ඉතින් මේ බස් හුටපටේ ගාටනවා. ගාටල ගාටල යන්තම් තුම්මුල්ලෙන් බැහැගත්ත. වැස්ස කියල බලන්න බෑ ඉක්මනට යන්න ඕනා. අඩියට දෙකට ඔෆිස් එකට ගියේ නැතෑ...අම්මෝ හතී.....
දන්න කියන හැමෝගෙම මූණු අතරේ මෙන්න ඉන්නව මම හොයපු කෙනා. :)



"පරක්කු උනා නේද?"

"ඔව්. වැස්ස හින්ද ගොඩක් ට්‍රැෆික් අනේ..හ්ම්ම්"

" කමු කමු එහෙනම්. කාල ඔයා හොඳට ඉන්ටර්වීව් එකට ෆේස් කරන්න හරිද."

හැමදාමත් වගේ එයා මාව දිරිමත් කළා. ඇයි මං ගැන ඔච්චර හොයල බලන්නෙ?වදවෙන්නෙ? මම කව්ද. මගේම අය මං ගැන බලන්නෙ නැතිකොට ළඟකදී අඳුනගත්ත මම ඔයාගෙ කව්ද?
හැමදාමත් වගේ ඒ ප්‍රශ්නෙට තාමත් උත්තර හොයාගන්න බැහැ. එයා ගියා එයාගෙ සීට් එකට. මමත් සීට් එකට ගිහින් බැග් එකත් තියල ඉන්ටර්වීව් ගියා.

" හෙලෝ, කොහොමද? මම මේ දැන් ආව විතරයි"

"මොකෝ උනේ?"

"සෙලෙක්ට් සෙලෙක්ට්, මාව ඒකට ගන්නවා කිව්වා"
ගොඩක් ආසාවෙන් හිටියේ එයා ඉන්න ඩිපාර්ට්මන්ට් එකේම වැඩ කරන්න. දැන් ඉතින් ඒ හීනෙත් හැබෑ උනා.

" එහෙනම් අපිට පාටියක් ඕනේ"

" අපෝ ඕකත් මොකක්ද . දෙන්නම්කෝ, ඒත් ෆයිනල් ඩිසිෂන් එක තාම දන්නේ නැහැනේ.අපි බලමුකෝ"

වෙනද වගේම යාළුවො එක්ක වැඩකරන ගමන් සන්තෝසෙන් දවස ගෙවිල ගියා.

"මිස් ඔයාට අන්න බොස් එන්න කිව්වා" ඒ අපේ පියන් අන්කල්.

කොච්චර නම් බලාපොරොත්තු තියන් හිටියද දෙවියනේ මම. අනේ ඒත් මගේ ඩිග්රි එක කම්ප්ලීට් නැති නිසා මාව පර්මනන්ට් කරන්න බැහැලු දෙවියනේ. මම මොකද දැන් කරන්නේ. මම කොහොමද එයාට මේක කියන්නේ. ඇස් වලින් කඳුළු බේරෙන්න ඔන්න මෙන්න. කට්ටියත් බලනව ලජ්ජාවෙ බෑ. මුල්ලකට වෙලා හොටු පෙර පෙර හොඳටම ඇඩුව මම. ඔයා ආවම මට හිතේ දුක නිවෙන්න ඔයාට තුරුල් වෙන්න හිතුනත් එක ඉතින් සිතිවිල්ලක්ම විතරක් උනා. ඔයාගේ මූණ දිහා බලාගෙන ඇති වෙනකල් මම ඇඩුව. මතකද ඔයාට?

"මට තවත් මෙතන ඉන්න බෑ. මම යනවා යන්න"

"පිස්සු නැතුව ඉන්නව. කෝ කෝ දැන් ඔය මූණ පිහිදගන්න."

ඉකි ගගහ අඩපු මම ඇස්වලින් බේරෙන කදුළු නවත්ත ගත්තේ ගොඩක් අමාරුවෙන්.

" ගෙදර යන්නද ඕන?"

" ඔව් ඔව් මට බෑ තවත් මෙතන ඉන්න. ඇයි මෙහෙම උනේ. මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ.එයාල මුකුත් කිව්වෙත්නෑ කලින් නම්"

"හරි. මම දැන් ඕෆ් වෙනව. මම ඔයාව ගෙදර එක්කන් යන්නම්"

හැමදාම වගේ මං ගැන හොයල බලපු එයා එදත් මගේ ඇඩුම් මැද මාව සනසන්න ගොඩක් උත්සහ කළා. වචනෙකින් කියන්න බැරි තරම් මගේ හිතට ලොකු සහනයක් ඔයා මාත් එක්ක ඒ වෙලාවෙ හිටිය එක. රස්සාව ගැන ඉතුරු වෙලා තිබුන එකම හීනෙත් නැති වෙලා යනකොට අන්තිමට මගේ හිත සනසන්න හිටියෙ ඔයා විතරයි. වෙනද ගෙදර යන්න පැයකට  විතර කලින් එයයි මමයි ඔෆිස් එකෙන් පිටත් උනා ගෙදර යන්න. ජීවිතේ ගොඩක්ම දුක දවසක් උනත් එදා ඔයා හිටි නිසා මට ශක්තියක් ලැබුන.
අද දවසේ සිද්ද උන දේවල් හරියට හීනයක් වගේ. ඔයා කිව්ව හැම වචනයක් ගැනම හිතල අඩුම ගානෙ අඬන්නේ නැතුව ඉන්නයි මම පුළුවන් තරම් උත්සහ කලේ.



ඔයා ගැන යටි හිතේ කැමැත්තක් තිබුනත් නොහිතපු දවසක නොහිතපු වෙලාවක මෙහෙම දෙයක් සිද්දවෙයි කියල මම කවදාවත් හිතුවේ නෑ. ආදරේ ආදරේ.... ඇයි හැමදාමත් ඔයා මාව මෙච්චරටම අසරණ කරන්නෙ කියල කියන්න....................

No comments:

Post a Comment