Tuesday, November 17, 2015

හිත මට වාරු නෑ

කියන හැම දේකටම බෑ නොකිය හා කිව්ව නිසාද 
මේ තරම් රිද්දන්නෙ මට
අනාගතේ ගැන ඔයාට හොරාට කොච්ච්චර නම් 
හීන මැව්වද මම
මගෙ හිතේ තියෙන ගින්දර තේරෙන්නෙ නෑ
මම හිතන්නෙ ඔයාට 
එකනේ කියන්නෙ නිතරම තේරුම් ගන්න කියල 
ඔයාව 
මටත් ප්‍රශ්න නැතුවටම නෙවෙයි 
රටවල් දෙකක ඉඳගෙන අනාගතේ ගැන එළියක් නැතුව 
ජීවත් වෙන්න හරි අමාරුයි අයියේ 
ඕන වෙලාවට ලංම කරගෙන 
එපා වෙලාවට විසික්කරන්න එපා 
මේ හිත වින්ද දුක් කන්දරාව හොඳටම දන්නෙ
ඔයා විතරයි නේද
මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න 
මග බලන් ඉන්නම් ඕනමකාලයක් 
මේ හිටිය වගේම
පුංචිම දේටත් හිත රිද්දගන්නෙ ආදරේ 
වැඩි කමට ඔයාට 
නැතුව මම පිස්සෙක් නෙවෙයි
දඬුවම් දෙන්න එපා මට 
විශ්වාසෙ නැතුව යයි 
මට මං ගැනම සදහටම

1 comment: