Tuesday, October 2, 2012
Monday, August 27, 2012
තේමාවක් නැති ආදරේ - 02
දවස් දෙක තුන ඔහේ ගෙවිල ගියා. ටික දවසකට පස්සෙ ඔයාව මට මුණගැහුන බස් එකේදි. වෙනදට පාළුවෙන් ඔහේ බලාගත්තු අතේ බලාගෙන යන මට ඔයා හිටි නිසා එදා ගොඩක් වෙනස්. තොරතෝංචියක් නැතුව දොඩමලු වෙන ඔයා දිහා මම බලාගෙනම හිටිය. ඔයා ඔයාගැන මමත් එක්ක කිව්ව. ඔයාගේ ඉස්සර කාලෙ විස්තර නේද ඒ? ඒ අතරමගදි ඒ ලස්සන අහිංසක ඇස්දෙක මමත් එක්ක හිනා උනා. මටත් හරි හරියට කියන්න දේවල් දිව අගටම ආවත් කියාගන්න බැරුව මාව ගොළු උනා. ඔයාට මතකද ඔයා ඇහුව "ඔයා මොනව හරි කියන්න නේද හදන්නෙ, ඒත් කියාගන්න බැහැ නේද?" කියල. එදා ඔයා මගේ හිත කියෙව්ව. ඔයා ළඟ ඉන්නකොට කාලෙ යනව තේරෙන්නෙත් නැති හැටි. අපිටම නොදැනිම ගමනාන්තෙටත් ඇවිත්. :)
Saturday, August 18, 2012
තේමාවක් නැති ආදරේ - 01
හිත හොඳටම රිදිල හිටිය කාලයක් ඒක. කොච්චර ජීවිතේ කරන්න රාජකාරි තිබුනත් ඒ ඔක්කොම වැඩ අස්සෙ එකම එක තප්පරේකට හිතල සතුටුවෙන්න කියල කෙනෙක් හිටියෙ නැහැ මට. මතක් වෙනකොට ආදරේ දෝරෙ ගලන ලස්සන අතීතයක් අපි දෙන්නට තිබුනට එයා ඒ ලස්සන අතීතෙ පොඩිපට්ටම් කරල දැම්ම. වැඩ රාජකාරි අතරෙ පොඩ්ඩකට හරි එයා ගැන හිතුනම මට මගේ ජීවිතේ තවත් එපා උන එකයි උනේ. එයා මට රිද්දන්න කරපු දේවල් එකින් එක මතකෙට ගලාගෙන ආවෙ මන් ගොඩක් ආදරේ කරපු අපි දෙන්නගෙ අතීතෙ මතක සැමරුම් සේරම මට නැත්තටම නැතිකරගෙන.
"එයා මුණගැහුන දවසෙ ඉඳල මට අළුත් ජීවිතයක් ලැබුණ. ජීවිතේට කියල අරමුණක් තිබුණ. ආසාවෙන් මම මහන්සි උනා අපේ අනාගතේ ලස්සන කරන්න.ඒත් අපි ඒ යන ගමන අතරමගදි එයා වෙනස් වෙලා. මාව සතුටින් තියන්න එයා කල හැම දේකින්ම එයා හිත රිද්දගෙන. එතකොට බලාගෙන යද්දි මම විතරද සතුටින් ඉඳල තියෙන්නෙ." ඔන්න ඔච්චරයි දැන් මට එයා ගැන හිතනකොට හිතට එන එකම දේ.
"හිතේ ගින්දර ඉහටත් උඩින්. යාළුවන්ට මේව කියන්න බෑ. උන්ටත් කියල කොච්චර ප්‍රශ්නද. අපි මේ හැමෝම හැල්මෙ දුවනව ජීවත් වෙන්න. මගේ ප්‍රශ්න උන්ට කියල උන්වත් තව පිස්සුවට්ටන්න මට බෑ බෑමයි. මම කොච්චර නම් තනිවෙලාද. මට කියල හිතට එන ඕනම දෙයක් ඔහේ බකස් ගාල කියල දාන්න මටම කියල ගොඩක් සමීප යාලුවෙක් හිටියනම්."

Wednesday, August 8, 2012
සුභපැතුම
අහම්බෙන් වගේ
අපි මුණගැහුනට
කතාබහ කරල
පදවැලක් ගෙතුවට
සත්තම සත්තයි
කල්පයක් වගේමයි
මම ඔයා දැනගෙන
කියන හැම වදනක්ම
පපුවටම වැදුනට
වරක් දෙපාරක් හෙම
ටිකක් සැරකෙරුවට
මුළු හිතම දන්නවා
එක සිතින් මේ මට
ආදරෙයි හොඳටම
දෙනෝදාහක් මැද
ඇස් කතා කෙරුවට
කියාගනු බැරිව අද
මුවද ගොළුවූවට
මේ හිතට දැනෙනවා
ගෙවෙන මේ දින පැය
හොඳටෝම දිගබව
ඔබ අභියසින් හිඳ
කියන්නට බැරුවට
අඩුම තරමකින්වත්
දැකුමටත් බැරි මට
සිතින් මම පතන්නම්
උපන්දින සුභපැතුම
සුභම සුභ වන්නට
Wednesday, August 1, 2012
Monday, May 28, 2012
Saturday, April 28, 2012
හරි පුදුම හිත්
කාලෙකට පස්සෙ තමයි ලියන්න වෙලාවක් ලැබුනෙ.මේ දවස් වල වැඩ ගොඩගැහිල.ලියන්න දෙයක් හිත හිත ඉන්න ගමන තමයි මට මතක් උනේ කතා කරන්න ඕන කියල හිත් ගැන.
කතාවට කියන්නේ ගෑණු අයගේ හිත් තේරුම ගන්න බැ කියලයි.වෙලාවකට ඒක ඇත්ත තමයි.ජීවිතේ මට එක එක ආකාරෙ පුද්ගලයෝ මුණගැහිල තියෙනව.අපි හැමෝම මිනිස්සු උනාට අපේ හිත් හරි චන්චලයි,විවිදාකාරයි,හිතන්නේ එක එක විදියට.
Subscribe to:
Comments (Atom)