දවස් දෙක තුන ඔහේ ගෙවිල ගියා. ටික දවසකට පස්සෙ ඔයාව මට මුණගැහුන බස් එකේදි. වෙනදට පාළුවෙන් ඔහේ බලාගත්තු අතේ බලාගෙන යන මට ඔයා හිටි නිසා එදා ගොඩක් වෙනස්. තොරතෝංචියක් නැතුව දොඩමලු වෙන ඔයා දිහා මම බලාගෙනම හිටිය. ඔයා ඔයාගැන මමත් එක්ක කිව්ව. ඔයාගේ ඉස්සර කාලෙ විස්තර නේද ඒ? ඒ අතරමගදි ඒ ලස්සන අහිංසක ඇස්දෙක මමත් එක්ක හිනා උනා. මටත් හරි හරියට කියන්න දේවල් දිව අගටම ආවත් කියාගන්න බැරුව මාව ගොළු උනා. ඔයාට මතකද ඔයා ඇහුව "ඔයා මොනව හරි කියන්න නේද හදන්නෙ, ඒත් කියාගන්න බැහැ නේද?" කියල. එදා ඔයා මගේ හිත කියෙව්ව. ඔයා ළඟ ඉන්නකොට කාලෙ යනව තේරෙන්නෙත් නැති හැටි. අපිටම නොදැනිම ගමනාන්තෙටත් ඇවිත්. :)
මට පාරෙ තනියමවත් යන්න දුන්නෙ නැහැ ඔයා. මම අනිත් බස් එක ගන්න බස් නැවතුම ළඟටම යනකල් ඔයා මාත් එක්ක ආව. මගේ හිත ඒ හැම වෙලාවෙම හීල්ලුව. අපි දෙන්න දැනගෙන කොච්චර පොඩි දවසද. ඒත් අපිටත් හොරා නොදනිම අපි දෙන්නට දෙන්න ගොඩක් ලංවෙලා තිබුණ.යාලුවෙක් විදියට ඔයා මට දැන් ගොඩාක් ලංවෙලා. ඒත් හිතට හොරා මේ දැනෙන හැගීම මොකක්ද? මට අගක් මුලක් තේරෙන්නෙ නැත්තෙ අන්න ඒකයි. අන්න ඒ හැගීමයි මාව අසරණ කරන්නෙ හැමදාම ඔයාව දැක්කම.
හැමදාමත් උදේට
හිනාවෙන් පිරිච්ච
ඔයාගෙ ලස්සන
ඇස්දෙක දැක්කම
මුළු දවසක්ම
සතුටින් පිරෙන
මගේ හිත
ජීවත් වෙන්න
දඟලනව
හෙට උදේ
වෙනකල්ම
ආයෙත් දැකගන්න
ඇත්තටම මටත් ඔය වගේ අතීතයක් තිබුනා ....
ReplyDeleteහිතටත් හොරාම කොච්චර ආදරේ කලත් ඒ ආදරේ සදහටම නොවෙනබව දැනෙනකොට.....
Delete