Wednesday, August 8, 2012

සුභපැතුම

අහම්බෙන් වගේ 
අපි මුණගැහුනට 
කතාබහ කරල
පදවැලක් ගෙතුවට
සත්තම සත්තයි 
කල්පයක් වගේමයි
මම ඔයා දැනගෙන

කියන හැම වදනක්ම
පපුවටම වැදුනට
වරක් දෙපාරක් හෙම
ටිකක් සැරකෙරුවට 
මුළු හිතම දන්නවා
එක සිතින් මේ මට 
ආදරෙයි හොඳටම

දෙනෝදාහක් මැද
ඇස් කතා කෙරුවට 
කියාගනු බැරිව අද
මුවද ගොළුවූවට
මේ හිතට දැනෙනවා
ගෙවෙන මේ දින පැය
හොඳටෝම  දිගබව 

ඔබ අභියසින් හිඳ
කියන්නට බැරුවට 
අඩුම තරමකින්වත් 
දැකුමටත් බැරි මට 
සිතින් මම පතන්නම් 
උපන්දින සුභපැතුම
සුභම සුභ වන්නට








2 comments:

  1. අමුතු කවියක්.අමුතුම කතාවක්.ඒක පාර්ශික එකක්ද?

    ReplyDelete
    Replies
    1. අමුතු කතාවක් නම් තමයි :)

      Delete